පුරවැසි ප්‍රඥප්තිය

අපගේ අපේක්ෂාව

අප ආයතනය කෙ‌රෙහි ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තූති  කරන අතර, අපගේ සේවය සඳහා ඔබ විසින් කරනු ලබන ඉල්ලීම්, යුක්ති සහගත සාධාරණ සහ නියමිත කලට ඉදිරිපත් කිරීමෙන් ද, අංග සම්පූර්ණ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරී‌මෙන් ද අප‌ෙගන් අ‌ෙප්ක්ෂා කළ හැකි සහ අ‌ෙප්ක්ෂා කළ නොහැකි ‌ෙද් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබීම මගින් ද ඔබට අපට සහයෝගය පළකල හැකි බව දන්වනු කැමැත්තෙමු.

අපගේ ප්‍රමිතීන්

ඔබ‌ගෙන් ලැ‌බෙන සෑම ලිඛිත ඉල්ලීමකටම ක්ෂණික ප්‍රතිචාර අ‌පෙන් ලැ‌බෙනු ඇත. අපේ ප්‍රතිචාරය දින 07 ක් ඇතුලත දි ඔබට ලැ‌බෙනු ඇත.

ඔබේ ඉල්ලීම සමඟ ඉල්ලා ඇති තොරතුරු, ලිඛිත ලියකියවිලි සහ ගාස්තු ඉදිරිපත් කර ඇත්තේ නම්, ඔබ ඉල්ලා ඇති සේවය අප විසින් දැනුම් දී ඇති කාල පරාසය තුළ ඔබට ලබා දීමට අපි බැඳී  සිටින්නෙමු. අවසාන තීරණය ගැනීම ප්‍රමාද විය හැකි හෝ අනිවාර්යයෙන්ම ප්‍රමාද වන අවස්ථාවක දී හෝ ගැටළු  සහගත තත්ත්වයක් උද්ගත වු විටක එයට හේතුව අප විසින් ක්ෂණිකව දන්වනු ලැබේ.

පැමිණිලි සහ සහන ලබාදීමේ ක්‍රම‌ෙව්දය

අප ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබා දෙනු ලැබේ. ඉහත සඳහන් ප්‍රමිතීන් හා සම්බන්ධ ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙත කරුණාකර ලියාපදිංචි කරන්න.

නම :-

තනතුර :-

පිහිටි ස්ථානය :-

දුරකථනය/ෆැක්ස්/ඊ- මේල්:-

සියළු පැමිණිලි ලද බව දින 07 ඇතුළත දන්වන අතර අවසාන පිළිතුර දින 21 ඇතුළත දන්වනු  ලැබේ.­

සේවාලාභී මහජන ඔබෙන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.

අපගේ සේවාවන් ලබන ඔබ හෝ ඔබේ නියෝජිතයින් සමඟ අප අඛණ්ඩව රැස්වීම්  පවත්වනු ලැබේ. ඔබ අප සමඟ සම්බන්ධ – වීමට අපේක්ෂා කරන්නේ නම් කරුණාකර  035-2289075 – 203 දුරකථන අංක‌ෙයන් අමතන්න.

මෙම ප්‍රඥප්තියට ඇතුළත් කර ඇති කරුණු පිළිබඳ ඔබේ උපදෙස් ලබා ගැනීමට හෝ ඔබේ අදහස් ලබාදීමට ඔබ දක්වන කැමැත්ත ඇතුළත් කර ඔබ‌ෙග් විස්තර අපගේ  www.galigamuwa.ps.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන්න.

පුරවැසි ප්‍රඥප්තිය, අප විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔබත් අපත් එක්ව දරණ ඒකාබද්ධ ප්‍රයත්නයකි. ලබාදෙන සේවය තවත් වැඩි දියුණු කිරීමට පහත දක්වා ඇති විස්තර (ආයතනයට අදාල විස්තර සඳහන් කරන්න) ලබා දී‌මෙන් අපට උපකාරි වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ප්‍රඥප්තිය යට‌තේ ලබාදෙන ‌සේවාවන් නිරතුරුව සංශෝධනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට අපි බැඳී සිටිමු.!


පුරවැසි ප්‍රඥප්තිය – සිංහලමෙතැනින් බාගත කරගන්න.
පුරවැසි ප්‍රඥප්තිය – ඉංග්‍රීසිමෙතැනින් බාගත කරගන්න.
පුරවැසි ප්‍රඥප්තිය – දමිළමෙතැනින් බාගත කරගන්න.