සංස්ථාපනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987-05-12 දිනැති අංක 453/28 දරන විශේෂ ගැසට් පත්‍රය ගැසට් පත්‍රය මගින් එවකට පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි ආර් ප්‍රේමදාස මහතා විසින් පහත උපලේඛනය 1 විස්තර වන ප්‍රදේශය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ සඳහන් කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීම සඳහා ප්‍රාදේශීය සභා ප්‍රදේශයක් විය යුතු බවට ප්‍රකාශයට පත්කර ඇති අතර උපලේඛනය 11යටතේ නියම කර ඇති පරිපාලන සීමා ඇතුළත වන ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කොට එයට

ගලිගමුව ප්‍රාදේශීය සභාව

යන නාමය පවරා ඇති බවට ප්‍රකාශයට පත් කොට ඇත

උපලේඛණ
1 වන කොටස

පහත සඳහන් ග්‍රාමසේවා නිළධාරී කොට්ඨාශ වලින් සමන්විත භූමි ප්‍රදේශය
(60බී) ලාහුපන, (61බී) පොතුකොළදෙ‚ය, (61සී) හපුදෙ‚ය, (62) අරුග්ගම්මන, (62ඒ) කරගල , (62බී) හත්නාපිටිය, (63) අම්පේ, (63ඒ) රුග්ගහතැන්න, (63බී) කුරුණෑගොඩ, (63සී) අටාල, (64) කිනිගම, (64ඒ) අරන්දර, (64බී) කිරිදන, (65) පිංදෙ‚ය, (65ඒ) උඩුගම, (65බී) බෝයගොඩ, (65සී) නාදෙ‚ය, (66) නාබේරියාව, (66ඒ) බඹරගම, (67) නාරංගොඩ, (67ඒ) අලවල, (67බී) හොලොම්ඹුව, (68) ඉඹුල්ගල, (68ඒ) දමුණුපොල, (68බී) රෑනපාන, (68සී) අටුගොඩ, (69) ආසිදෙ‚ය, (69ඒ) දෙමටන්පිටිය, (69බී) ගලිගමුව, (69සී) බිසෝවෙළ, (70) පෙහෙරඹේ, (70ඒ) පලපොලූව, (70බී) යට්ටෝගොඩ, (70සී) බල්ලපාන පාතබගේ, (70ඩී) බල්ලපාන උඩබගේ,(70ඊ) මේෆිල්ඩ්, (71) කොබ්බෑවල, (72) හත්නාගොඩ, (72ඒ) නවගමුව, (73) මකුද්දල, (73ඒ) වේරගොඩ, (74) දේවාලේගම, (74ඒ) ජිවාන, (74බී) ඇඳුරපොත නැගෙනහිර, (74සී) ඇඳුරපොත බටහිර, (74ඩී) පානකාව, (75) කන්දේගෙදර, (75ඒ) වලගම, (76) ගොඩපොල, (76ඒ) බටුවත්ත,(76බී) හැලමඩ

11 වන කොටස
ප්‍රාදේශීය සභා පරිපාලන සීමාවන්

උතුරට :

වයඹ සහ සබරගමුව පළාත් සීමාවන්, වරකපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වද්දෙනිය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සීමාව හා හැලමඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සීමාව හමුවූන ලක්ෂයේ සිට සබරගමුව පළාත් මායිම් ( මහ ඔය මධ්‍ය රේඛාව ) දිගේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව හමුවන ලක්ෂය දක්වා ද, එතැන් සිට දකුණු දෙසට රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව ඔස්සේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව හමුවන ලක්ෂය තෙක් ඇඳි රේඛාවකින් ද,

නැගෙනහිරට :

අවසන් වරට සඳහන් කළ ලක්ෂයේ සිට දකුණු දෙසට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව ඔස්සේ ගුරුලවෙල ග්‍රාම නිලධාරී කොට්ඨාශ සීමාව, කබගමුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ සීමාව සහ කිනිගම ග්‍රාම නිලධාරී කොට්ඨාශ සීමා වෙන් වන ලක්ෂය තෙක් ඇඳි රේඛාවකින් ද,

දකුණට :

අවසන් වරට සඳහන් කළ ලක්ෂයේ සිට බස්නාහිර දෙසට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් ඔස්සේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව හමුවන ලක්ෂය තෙක් ඇඳි රේඛාවකින් ද,

බස්නාහිරට :

අවසන් වරට සඳහන් කළ ලක්ෂයේ සිට උතුරු දෙසට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව ඔස්සේ වරකපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිම් සීමාව හමුවන ලක්ෂය තෙක් ද, එතැන් සිට උතුරු දෙසට වරකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමා මායිම ඔස්සේ වයඹ සහ සබරගමුව පළාත් මායිම් සීමාව හමුවන තෙක් ඇඳි රේඛාවකින් ද යුක්ත වෙයි.


Pradeshiya Shaba Act No. 15 of 1987 – SinhalaDownload
Pradeshiya Shaba Act No. 15 of 1987 – EnglishDownload
Pradeshiya Shaba Act No. 15 of 1987 – TamilDownload