ආදාහනාගාර වෙන් කරවා ගැනීම

01. නෛතික අධිකාරිය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය සමඟ කියවිය යුතු, 231 වන අධිකාරය වූ සුසාන භූමි හා භූමදාන ආඥාපනත.

        (ආ)  පළාත් පාලන ආයතනය විසින් සාදන ලද ආදාහනාගාර අතුරු ව්‍යවස්ථාවේ නියම.

        (ඇ)  මෘත දේහයක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන විට, අපරාධ නඩු විධාන සංග්‍රහය.

02.  සුදුසුකම්

        (අ)   හදිසි අනතුරක් හේතුවෙන් හෝ වෙනත් කිසියම් හේතුවක් මත මියගිය තැනැත්තකුගේ මෘත දේහයක් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ මරණ පරීක්ෂණයක දී, අදාළ මෘත දේහය ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර නැති හෝ ස්වාභාවික මරණයට පත් වූ තැනැත්තකුගේ මෘත දේහයක් විය යුතු ය.

        (ආ)  පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත් වූ තැනැත්තකු විය යුතු ය;

        (ඇ)  පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් බැහැර පදිංචි ව සිටි තැනැත්තකුගේ මෘත දේහයක් සම්බන්ධයෙන් වන විට, පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අතිරේක ගාස්තුවක් අය කර ගැනීමෙන් පසුව පමණක් එවැනි මෘත දේහයක් ආදාහනය කිරීමට අවස්ථාව සලස්වා දෙනු ලැබිය හැකි ය.

03.  ගාස්තුව

            සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන ගාස්තුවක් ගෙවිය යුතු ය.

ආදාහනාගාර සේවාව සැපයීම සඳහා අය කිරීම

        (අ)    බල ප්‍රදේශය තුළ පදිංචි වී සිටි තැනැත්තකුගේ මෘත දේහයක්                              රු. 12,000/=

        (ආ)   බල ප්‍රදේශයෙන් පිටත පදිංචි වී සිටි තැනැත්තකුගේ මෘත දේහයක්                       රු. 13,000/=

04.  ඉදිරිපත් කළ යුතු ලේඛන

            (අ)    මෙහි ඇතුළත් ඇමුණුම 02 ට අනුව ඉදිරිපත් කළ යුතු ඉල්ලුම් පත්‍රය.

            (ආ)   මියගිය තැනැත්තාගේ මරණ සහතිකය. (විදේශයක දී මියගිය තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, එම රටේ දී නිකුත් කළ මරණ සහතිකය – ඉංග්‍රීසි භාෂාව නොවන වෙනත් භාෂාවකින් එම සහතිකය ලියා ඇත්නම්, එහි ඉංග්‍රීසි පරිවර්තනයක් සමග)

            (ඇ)   මියගිය අයගේ ජාතික හැඳුනුම්පතේ පිටපත (ඇත්නම්)

            (ඈ)   ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත. (පරීක්ෂා කර බැලීමට මුල් පිටපත ඉදිරිපත් කළ යුතු ය)

05.  කාර්යය පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
සභාවේ වෙබ් අඩවියේ හෝ පෙරටු කාර්යාලයේ ඇති ආදාහනාගාර පොරොත්තු ලේඛනය අනුව ආදාහනාගාරයේ ඉඩකඩ ඇති දිනය හා වේලාව හඳුනා ගෙන, ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර අදාළ ඇමුණුම් සමග පෙරටු කාර්යාලය භාර දීම ඉල්ලුම්කරු
අදාළ ගාස්තුව සමග ඉල්ලුම් පත්‍රය භාර ගෙන, ආදාහන අවසර පත්‍රයේ පිටපතක් හා ලදුපත ඉල්ලුම්කරුට ද, අනෙක් පිටපත ආදාහනාගාර ක්‍රියාකරුට යොමු කර ඔහු දැනුම්වත් කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් වහාමපෙරටු කාර්යාල නිලධාරි
ආදාහනය කිරීමට භාර ගත් මෘත දේහ පිළිබඳ ලේඛනයට දත්ත ඇතුළත් කිරීමඅවසර පත්‍රය නිකුත් කළ වහාමපෙරටු කාර්යාල නිලධාරි
අවසර පත්‍රය අතැති ව මෘත දේහය රැගෙනවිත් ආදාහනය කිරීමට භාර දීමවෙන් කර ගත් දිනයේ නියමිත වේලාවට පෙරඉල්ලුම්කරු
මෘත දේහය භාර ගෙන ආදාහනය කර, ඒ බව ඉල්ලුම්කරු ලවා තහවුරු කරවා ගැනීමමෘත දේහය භාර ගැනීමෙන් පසුවආදාහනාගාර ක්‍රියාකරු
ආදාහනය කළ මෘත දේහ පිළිබඳ ලේඛනයට දත්ත ඇතුළත් කිරීමමෘත දේහය ආදාහනය කර අවසන් වූ වහාමආදාහනාගාර ක්‍රියාකරු
මෘත දේහය ආදාහනය කළ බව විෂය භාර නිලධාරිට වාර්තා කිරීමමෘත දේහය ආදාහනය කිරීමෙන් පසුආදාහනාගාර ක්‍රියාකරු
තැන්පත් ගිණුමට බැර කළ මුදල ආදායම් ශීර්ෂයට මාරු කර තැන්පත් ගිණුම පියවීමආදාහනාගාර ක්‍රියා කරුගේ වාර්තාව ලැබීමෙන් පසුවවිෂය භාර නිලධාරි
භෂ්මාවශේෂ ඉල්ලා තිබේ නම්, ඒවා වෙන් කර තැබීමමෘත දේහය ආදාහනය කිරීමෙන් පසුආදාහනාගාර ක්‍රියාකරු
ඉල්ලුම්කරුට භෂ්මාවශේෂ භාර දී තහවුරු කරවා ගැනීමආදාහනය කළ දින සිට දින හතක් ඇතුළතආදාහනාගාර ක්‍රියාකරු

06.  නොවැළැක්විය හැකි කිසියම් හේතුවක් මත මෘත ශරීරයක් ආදාහනය කිරීමට නොහැකි වූ විට පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
ඉල්ලුම්කරු දැනුම්වත් කරමින් සභාව සතු වෙනත් ආදාහනාගාරයක් ඇත්නම් එහි ආදාහනය කිරීම හෝ ඉල්ලුම්කරුගේ (ඤාතීන්ගේ) කැමැත්ත මත සභාව සතු සුසාන භූමියක භූමදානය කිරීම.එදින මබලය පැවරී ඇති අධීක්ෂණ නිලධාරියාගේ එකඟතාව ඇතිව ආදාහනාගාර ක්‍රියාකරු
ආදාහනය කිරීමට නොහැකි වූ බව කාර්යාලයට වාර්තා කිරීමඑදින මආදාහනාගාර ක්‍රියාකරු
භූමදානය කිරීම සඳහා දරන ලද වියදම අඩු කර ගෙන ඉතිරි මුදල ඉල්ලුම්කරුට නිදහස් කිරීමවාර්තාව ලැබුණු වහාමවිෂය භාර නිලධාරි
අය කර ගත් මුදල් ගිණුම් ගත කිරීමගෙවීම කරන අවස්ථාවේ දී මවිෂය භාර නිලධාරි