ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටීම

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාලත්වය අතින් පස්වන ස්ථානය හිමිකර ගන්නා ගලිගමුව සභා බල ප්‍රදේශය උතුරින් කූරුණෑගල දිස්ත්‍රික්කයට මායිම් වන මාඔයෙන් ද ඊශාන දිශාවෙන් රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද නැගෙනහිර දිශාවෙන් කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද දකුණින් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයයෙන් ද බටහිර දිශාවෙන් රුවන්වැල්ල හා වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලින්ද මායම් වන හෙක්ටයාර් 12464.46 ක පමණ භූමි ප්‍රදේශයකි. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිරපේක්ෂ පිහිටිිම සැලකීමේ දී උතූරු දකූණු ග්‍රිඩි 220-240 ත් අතර සහ නැගෙනහිර බටහිර ග්‍රීඩි 140 -160 ත් අතර පිහිටා ඇත.

භුවිෂමතාවය අනුව ප්‍රදේශයේ මධ්‍යම හා දකුණු ප්‍රදේශයන්හි කදුකර ස්වභාවයක් දැකිය හැකි වන අතර මධ්‍යම ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයටත් උතුරු ප්‍රදේශයේ සිට නැගෙනහිර දෙසටත් බෑවුම් වේ. ඒ අනුව වැඩිම ඌනතාංශය හපුදෙනිය වසමේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව අඩි 1200 පමණ වන අතර අඩුම ඌනතාංශය උතුරු ප්‍රදේශයේ මා ඔය සීමාවට අයත් හැලමඩ ග්‍රාම නිලධාරි වසම ආශ්‍රිත ප්‍රදේශය වේ. එහි උස අඩි 90 පමණ වේ.

ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා සමානුපාතික වන අතර එය ගම් දොළහ, කදුුපිට උතුර හා කදුපිට දකුණ ලෙස පත්තු තුනකින් සමන්විතවේ. ගම්මාන 187 කින් සැදුම්ලත් ග්‍රාම නිලධාරි වසම් 51 කින් සමන්විත ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කෑගල්ල, දේවාලේගම සහ පිංදෙනිය යන පොලිස් ස්ථාන මඟින් ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව ක්‍රියාත්මක කරයි. කෘෂි කාර්මික ආර්ථික රටාවකට හිමිකම් කියන වැඩි පිරිසක් ජීවත් වන මෙම බල ප්‍රදේශයේ මුලූ ජනගහනය 2022 වර්ශයේ 79053 කි.

ප්‍රදේශයේ ප්‍රධාන ස්වාභාවික ජල වහන රටාව වනුයේ මාඹය හා ගුරුගොඩ ඔයයි. කුඩා ගංගා කීපයකින්ම පෝෂණය වන මාඔය ප්‍රදේශයේ උතුරු සීමාව මායිම් කරගෙන ගලා බසින අතර කහගලූු ඔය , හැලමඩ ඔය , කුඩා ඔය ප්‍රදේශය හරහා ගලා බසින කුඩා ජල මාර්ග වේ. බස්නාහිර මායිමෙන් අඩක් ඔස්සේ ගලා බසින ගුරුගොඩ ඔය ද ප්‍රධාන ජල ප්‍රවාහයක් වේ.

ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පසේ ස්භාවය රතු කහ පොඩිිසොලික් පස හා රතු දුඹුරු ලැට්ර්රොයිට් පස ලෙස ප්‍රධාන වශයෙන් හදුනාගත හැකිය.