කර්මාන්ත බද්ද අය කර ගැනීම

1.     හැඳින්වීම                                     

        (අ)   බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

        (ආ)  යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර විකිණීම හෝ යම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කාර්යය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ කර්මාන්තය නැතහොත් වෙළෙඳාම මේ බද්දට යටත් වේ.

2.     නීතිමය අධිකාරය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමග කියවිය යුතු 150 වන වගන්තිය.

3.     සුදුසුකම්

        අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා භාණ්ඩ හෝ ද්‍රව්‍ය විකිණීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.

4.     ගාස්තුව    

        (අ)   කර්මාන්තය පවත්වා ගෙන යන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත මෙම බදු මුදලේ ප්‍රමාණය විචලනය වේ.

        (ආ)  ඒ කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම –

               (iii)  ඒ ස්ථානය මහා නගර සභාවක බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට,

                                    ස්ථානයේ වාර්ෂික වටිනාකම                                          බද්දේ ප්‍රමාණය

                       රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,                                          රු.  2,000.00

                       රු. 1,500.00 ඉක්මවන හා රු. 2,500.00 නො ඉක්මවන විට බද්ද,   රු.  3,000.00

                       රු. 2,500.00 ඉක්මවන විට බද්ද,                                                 රු.  5,000.00

               (iii)  ඒ ස්ථානය නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට,

                                    ස්ථානයේ වාර්ෂික වටිනාකම                                          බද්දේ ප්‍රමාණය

                       රු. 750.00 නො ඉක්මවන විට බද්ද,                                             රු.     500.00

                       රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,      රු.     750.00

                       රු. 1,500.00 ඉක්මවන විට බද්ද,                                                 රු.  1,000.00

5.     ඉදිරිපත් කළ යුතු ලේඛන.

        මෙහි ලබාදී ඇති ආකෘතියට අනුව, ලේකම් විසින් නිකුත් කරනු ලැබූ කර්මාන්ත පිළිබඳ බදු නිවේදනය.

        සටහන: මේ ලේඛනය ඉදිරිපත් කිරීමට යම් තැනැත්තකුට නො හැකි වන අවස්ථාවක, ඉහත සඳහන් ආකාරයේ කර්මාන්තයක් තමන් විසින් පවත්වා ගෙන යනු ලබන බවත් තමන් ඒ කාර්ය කරනු ලබන ස්ථානයේ ලිපිනය කුමක් ද යන්න සභාවේ පෙරටු කාර්යාල නිලධාරියා දැනුම්වත් කිරීමෙන් මේ බද්ද හැකියාව ඇත.

6.     කර්මාන්ත බද්ද අය කර ගැනීමේ පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
ආදායම් ප්‍රභව සමීක්ෂණයේ දී හඳුනා ගෙන ඇති කර්මාන්ත බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සඳහන් තැනැත්තන් වෙත කර්මාන්ත බදු නිවේදනය භාර දීමසෑම වර්ෂයක ම මාර්තු මස 31 වන දිනට පෙරආදායම් පරීක්ෂක
අන්තර්ජාල පහසුකම මගින් බද්ද ගෙවිය හැකි අවස්ථාවක දී, මාර්ග ගත ක්‍රමය මගින් බද්ද ගෙවීම හෝ එවැනි පහසුකමක් නැති විට, පෙරටු කාර්යාලයට බද්ද ගෙවීමනිවේදනයේ දින සිට දින 7 ක් ගත වීමට පෙරබද්දට යටත් තැනැත්තා
බදු මුදල අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීමඑදින මපෙරටු කාර්යාල නිලධාරි
අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු කර්මාන්ත බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ කර්මාන්ත බදු ලේඛනයේ සටහන් කිරීමඑදින මපෙරටු කාර්යාල නිලධාරි

7.     කර්මාන්ත බද්ද නො ගෙවීමේ නෛතික ප්‍රතිවිපාක

පටිපාටියකාල සීමාවඅධිකාරය
නියමිත දින වන විට බද්ද ගෙවීම පැහැර හැර ඇති තැනැත්තන්ට ගණකාධිකාරිගේ / ලේකම්ගේ අත්සනින් බද්ද ගෙවීමට යටත් තැනැත්තාට සිහි කැඳවීමක් යොමු කිරීමබද්ද ගෙවීමට නියමිත දින ඉකුත් වූ වහාමවිෂය භාර නිලධරයා
සිහි කැඳවීමෙන් නියම කළ දින වන විටත් බද්ද නොගෙවූ තැනැත්තන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වෙත කෙරෙන ඉල්ලීම ලේකම්ගේ අත්සන ලබා ගෙන ආදායම් පරීක්ෂක වෙත භාර දීමසිහි කැඳවීමෙන් නියම කළ දිනය ඉකුත් වූ වහාමවිෂය භාර නිලධාරියා
මහේස්ත්‍රාත්වරයා වෙත කෙරෙන ඉල්ලීම අධිකරණයේ ගොනු කර දත්ත නඩු ලේඛනයේ සටහන් කිරීමඅත්සන් කළ ඉල්ලීම තමන් වෙත ලැබුණු වහාමආදායම් පරීක්ෂක
අධිකරණයේ පෙනී සිටීමඅධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් දැනුම් දෙන දිනයේආදායම් පරීක්ෂක
අය කර ගත යුතු බද්ද දඩයක් වශයෙන් අය කර ගැනීමට නියෝගය නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා
බද්ද අය කර ගැනීම සහ ලදුපතක් නිකුත් කිරීමඅධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමග මආදායම් පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ නම් කළ නිලධරයා
අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු විෂය භාර නිලධාරිට වාර්තා කර අධිකරණ තීන්දුව නඩු ලේඛනයේ සටහන් කිරීමඑදින මආදායම් පරීක්ෂක
අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු කර්මාන්ත බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ කර්මාන්ත බදු ලේඛනයේ සටහන් කිරීමආදායම් පරීක්ෂකගේ වාර්තාව ලැබුණු දින සිට දින 2 ක් ඇතුළතවිෂය භාර නිලධාරි

         සටහන:  1.  නොගෙවූ කර්මාන්ත බද්ද අය කර ගැනීම සඳහා ආදායම් පරීක්ෂක වෙත අධිකරණය සමග ක්‍රියා කිරීමට බලතල පවරා දීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ කාර්යය විය යුතු ය.

                      2.         මහේස්ත්‍රාත්වරයා විසින් ආඥාව නිකුත් කිරීමෙන් පසුව බද්ද අය කර ගැනීම ඒ අවස්ථාවේ දී ම කිරීමට පහසු වන පරිදි, ලදුපත් පොතක් සමග වෙනත් නිලධරයකු අධිකරණයට යොමු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ අධිකරණයේ රෙජිස්ට්‍රාර් සමග සාකච්ඡා කර ඇති කර ගත යුතු ය.

ආදර්ශ කර්මාන්ත බදු නිවේදනයමෙතැනින් භාගත කරන්න