ක්‍රීඩා පිටි කුලියට දීම

හැඳින්වීම

පළාත් පාලන ආයතනය, එම බල ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යය පැවරී ඇති පොදු අධිකාරය වේ. මේ සුබසාධන කාර්යයේ එක් පියවරක් වශයෙන් ජනතාවගේ ශාරීරික සුවතාව රැක ගැනීම, තරුණයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වැඩි දියුණු කිරීම සහ පොදු විනෝදය සැපයීම සඳහා ඒ පළාත් පාලන ආයතනය විසින් ක්‍රීඩා පිට්ටනි ඇති කිරීම කරනු ලබන අතර, ක්‍රීඩා පිට්ටනිය නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා එහි වැඩි දියුණු කිරීම් වෙනුවෙන් වන වියදම් ආවරණය කර ගැනීම සඳහා මේ ක්‍රීඩා පිට්ටනි විශේෂයෙන් භාවිත කරනු ලබන අවස්ථාවල දී කුලියට දීමේ පහසුකම සලස්වනු ලැබ ඇත.

නීතිමය අධිකාරය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 17 (3) සහ 19 (1) (xii).

සුදුසුකම්

        (අ)   පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාව, ඒ අයගෙන් සමන්විත වන ක්‍රීඩා සංගම් සහ බල ප්‍රදේශය තුළ පිහිටි පාසල්වල ක්‍රීඩා කිරීමේ අවස්ථා හෝ ක්‍රීඩා උත්සව පැවැත්වීමේ අවශ්‍යතාව ඇති වෙනත් තැනැත්තන්.

        (ආ)  බල ප්‍රදේශයේ ජනතාවගෙන් අය කරන ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවීමට යටත් ව, බල ප්‍රදේශයේ පිටත පදිංචි යම් තැනැත්තකු ද මෙම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.

ගාස්තුව

පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලබන ගාස්තුවක් සහ රජය විසින් කලින් කල නියම කරනු ලබන ඊට සරිලන බදු මුදලක් සහ ආපසු ගෙවනු ලැබිය හැකි ආරක්ෂිත ඇප තැන්පතුවක් ඒ පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ය.

ඉදිරිපත් කළ යුතු ලේඛන

ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය. ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර එහි අවසානයේ ඇති උපදෙස් හොඳින් කියවා අවබෝධ කර ගැනීම සුදුසු වේ

කාර්ය පටිපාටිය.

ටිපාටියකාල සීමාවඅධිකාරය
අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ ක්‍රීඩා පිටියේ පොරොත්තු ලේඛනය පරීක්ෂා තමන්ට අවශ්‍ය දිනයක ක්‍රීඩා පිටිය කුලියට ගත හැකි ද යන්න දැන ගැනීම ඉල්ලුම්කරු
පොරොත්තු ලේඛනය අනුව ඉඩකඩ ඇති දිනයක ක්‍රීඩා පිටිය කුලියට ගැනීමට කැමැත්ත දක්වන්නේ නම්, අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ ලබා ගත් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර භාර දීම ඉල්ලුම්කරු
ඉල්ලුම් පත්‍රය සමග ගාස්තු භාර ගෙන ලදුපත හා පසු විපරම් අංකයක් නිකුත් කිරීම සහ සේවාව සපයන ලෙස ක්‍රීඩා භූමිය භාර නිලධාරිට අවසර පත්‍රයේ පිටපත යොමු කිරීමඉල්ලුම් පත්‍රය ලැබුණු වහාමපෙරටු කාර්යාල නිලධාරි
අය කර ගත් ගාස්තුව මුදල තැන්පත් ගිණුමේ තැන්පත් කිරීමමුදල් භාර ගත් වහාමපෙරටු කාර්යාල නිලධාරි
ක්‍රීඩා පිටිය ඉල්ලා ඇති කාර්යයට යොදා ගැනීමවෙන් කර ගත් දිනයේඉල්ලුම්කරු
කාර්යය අවසන් වීමෙන් පසුව ක්‍රීඩා භූමිය, ක්‍රීඩා භූමිය භාර නිලධාරිට භාර දීමවෙන් කර ගත් කාර්ය අවසන් වූ වහාමඉල්ලුම්කරු
ක්‍රීඩා භූමිය භාර ගැනීමේ දී ක්‍රීඩා භූමියට හෝ එහි සවි කිරීම්වලට යම් අලාභයක් හෝ හානියක් සිදු වී තිබේ ද නැති ද යන්න පරීක්ෂා කර බලා ක්‍රීඩා භූමිය භාර ගැනීම සහ ඒ පිළිබඳ ව විෂය භාර නිලධාරිට වාර්තා කිරීමවෙන් කර ගත් කාර්ය අවසන් වූ වහාමක්‍රීඩා භූමිය භාර නිලධාරි
කිසියම් අලාභයක් සිදු වී ඇති විට, එම අලාභය ගණන් බැලීමෙන් පසු ආරක්ෂිත ඇප තැන්පතුව ගෙවීම සලකා බලනු ලබන බව ඉල්ලුම්කරුට දැනුම් දීමක්‍රීඩා භූමිය භාර ගත් වහාමක්‍රීඩා භූමිය භාර නිලධාරි
කිසියම් අලාභයක් සිදු වී ඇති විට, එම අලාභය තක්සේරු කර වාර්තාවක් ලබා දෙන ලෙස තාක්ෂණ නිලධාරීගෙන් ඉල්ලා සිටීමක්‍රීඩා භූමිය භාර නිලධාරීගේ වාර්තාව ලැබුණු වහාමවිෂය භාර නිලධාරි
සිදු වී ඇති අලාභයේ වටිනාකම තක්සේරු කර විෂය භාර නිලධාරි වෙත වාර්තා කිරීමවිෂය භාර නිලධාරීගේ වාර්තාව ලැබී දිනක් ඇතුළතතාක්ෂණ නිලධාරි
අලාභයක් වී නැත්නම්, ආරක්ෂිත ඇප තැන්පතුව ආපසු ගෙවීමට හෝ අලාභයක් වී ඇත්නම්, ඒ අලාභය ආරක්ෂිත ඇප මුදලෙන් අය කර ගෙන ඉතිරි මුදලක් වේ නම් ඒ මුදල ඉල්ලා සිටීමෙන් අනතුරුව ආපසු ගෙවීමට ක්‍රියා කිරීම හෝ අලාභයේ වටිනාකම ආරක්ෂිත ඇප මුදල ප්‍රමාණවත් නොවන විට, තවදුරටත් අය විය යුතු මුදල සභාවට ගෙවන ලෙස ඉල්ලුම්කරුට දැනුම් දීමඉතිරි මුදල ඉල්ලා සිටීමෙන් පසු වවිෂය භාර නිලධාරි
අලාභයක් සිදු වී නැති විට තැන්පත් මුදල ලබා ගැනීමට ඉල්ලීම හෝ අලාභයක් සිදු වී ඇති විට තවදුරටත් ගෙවිය යුතු මුදල ගෙවීමනියම කළ දිනයේ හෝ ඊට පෙරඉල්ලුම්කරු
ආපසු ගෙවන මුදලට අදාළ චෙක්පත ඉල්ලුම්කරුට යොමු කිරීම හෝ තවදුරටත් අය විය යුතු මුදල අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීමඉල්ලුම්කරු පැමිණි පසුවවිෂය භාර නිලධාරි / පෙරටු කාර්යාල නිලධාරි
ගිණුම් පියවීමතවදුරටත් කළ යුතු ගෙවීම කිරීමෙන් පසුවවිෂය භාර නිලධාරි / පෙරටු කාර්යාල නිලධාරි

සිදු වී ඇති අලාභය පියවා ගැනීමට තැන්පත් මුදල ප්‍රමාණවත් නො වන විට

පටිපාටියකාල සීමාවඅධිකාරය
තැන්පත් මුදලේ වටිනාකම ඉක්ම වූ මුදල් ප්‍රමාණය සභාවේ තැන්පත් කරන ලෙස ඉල්ලුම්කරුට ලිඛිත ව දැන්වීමක්‍රීඩා භූමිය භාර නිලධාරි ගේ වාර්තාව ලැබුණු දිනයේ මවිෂය භාර නිලධාරි
අතිරේක මුදල අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීමලිඛිත දැන්වීම කර දින හතක් ඇතුළතපෙරටු කාර්යාල නිලධාරි
අතිරේක මුදල ගෙවීම පැහැර හැර ඇති විටක සිහි කැඳවීම් කිරීමලිඛිත දැන්වීම කර දින හතකට පසුවවිෂය භාර නිලධාරි
සිහි කැඳවීම අනුව මුදල් ගෙවීම තවදුරටත් පැහැර හැර ඇති විට, ඒ පිළිබඳ ව මහේස්ත්‍රාත් වෙත වාර්තා කරමින් අදාළ මුදල අය කර දෙන ලෙස ඉල්ලීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ අත්සන් ලබාගෙන තාක්ෂණ නිලධාරිට භාර දීමසිහි කැඳවීමේ දින සිට දින හතකට පසුවවිෂය භාර නිලධාරි
අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඒ දත්ත නඩු ලේඛනයේ සටහන් කිරීමඉල්ලීමේ ලේඛන තමන් වෙත ලැබුණු වහාමතාක්ෂණ නිලධාරි
අදාළ මුදල දඩයක් වශයෙන් නියම කිරීමේ  නියෝගය නිකුත් කිරීමඅදාළ නඩු දිනයේ දීමහේස්ත්‍රාත්
මුදල අය කර ගැනීම සහ ලදුපතක් නිකුත් කිරීමඅධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමග මතාක්ෂණ නිලධාරිගේ අධීක්ෂණය යටතේ නම් කළ නිලධරයා
අය කර ගත් ගාස්තුව පිළිබඳ තොරතුරු විෂය භාර නිලධාරිට වාර්තා කර අධිකරණ තීන්දුව නඩු ලේඛනයේ සටහන් කිරීමඑදින මතාක්ෂණ නිලධාරි
අය කර ගත් ගාස්තුව අදාළ වැය ශීර්ෂයට බැර කිරීමආදායම් පරීක්ෂකගේ වාර්තාව ලැබුණු දින සිට දින 2 ක් ඇතුළතවිෂය භාර නිලධාරි
ඉල්ලුම් පත්‍රය                                             මෙතැනින් බාගත කරගන්න.