නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම

1.    හැඳින්වීම

        නොපවරා ගැනීමේ සහතිකය අවශ්‍ය වන්නේ යම් තැනැත්තෙකු විසින් තම දේපළ උකසට හෝ ඇපයට තබා ණය මුදලක් ඉල්ලුම් කරන අවස්ථාවක ණය නිකුත් කරනු ලබන මූල්‍ය ආයතනය විසින් කරනු ලබන දැන්වීම අනුව ය. නොපවරා ගැනීමේ සහතිකය යනු කිසියම් නිශ්චල දේපළක් සභාවට පවරා ගැනීමට බලපාන තත්ත්වයක් උද්ගත වී නොමැති බවට නිකුත් කරනු ලබන සහතිකයකි. කිසියම් නිශ්චල දේපළක් සභාවට පවරා ගැනීම සිදු කරනු ලබන්නේ සභාවට අය විය යුතු යම් මුදලක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක දී ය. ඒ නිශ්චල දේපළ සභාවට අත්පත් කරගෙන විකිණීමෙන් අදාළ හිඟ මුදල අය කර ගනු ඇත. යම් සංවර්ධන කාර්යයක් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සමග කවර හෝ ආකාරයක සම්බන්ධතාවක් මෙම සහතිකය මගින් ප්‍රකාශ වන්නේ නැත. මෙම සහතිකය නිකුත් කළ දින සිට මාස 6 ක කාලසීමාවකට පමණක් එය වලංගු වේ.

2.    නීතිමය අධිකාරය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158, 159, 161, 162, 163, 164, 165 සහ 166 වගන්ති.

3.    සුදුසුකම්

        (අ)   තක්සේරු ලේඛනයේ අදාළ දේපළෙහි නීත්‍යනුකූල අයිතිකරු ලෙස නම සඳහන් වී ඇති තැනැත්තා මෙම විස්තර ඉල්ලා සිටීමට හිමිකම් ලබනු ඇත.

        (ආ)  දේපළෙහි නීත්‍යනුකූල අයිතිකරු නොවන යම් තැනැත්තකු විසින් මෙම විස්තර ඉල්ලා සිටින්නේ නම්, නීත්‍යනුකූල අයිතිකරු විසින් ඒ සඳහා ලියවිල්ලකින් ඔහුට බලය පවරා තිබිය යුතු ය.

        (ඇ)  සහතිකය ඉල්ලුම් කරන දින වන විට සභාවට අය විය යුතු සියලු ම මුදල් ගෙවා අවසන් කර තිබිය යුතු ය.

4.    ගාස්තු

        පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය  කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන ගාස්තුවක් අය කරනු ලැබේ.

        සටහන: මේ සඳහා අය කරන ගාස්තුව සාධාරණ විය යුතු ය.

5.    සැපයිය යුතු ලේඛන

        (අ)   ඉල්ලුම්කරු දේපළෙහි නීත්‍යනුකූල හිමිකාරත්වය ඇති තැනැත්තා වන විට, නො පවරා ගැනීමේ සහතිකය අවශ්‍ය කරන දේපළෙහි විස්තර (දේපළ පිහිටි ස්ථානයේ ලිපිනය, වරිපනම් අංකය) ඇතුළත් කරන ලද ලිපියක් මගින් කරනු ලබන ඉල්ලීමක්;

        (ආ)  ඉල්ලුම්කරු දේපළෙහි නීත්‍යනුකූල හිමිකාරත්වය ඇති තැනැත්තා නොවන විට, ඉල්ලුම්කරුට මෙම විස්තර නිකුත් කිරීමට විරුද්ධත්වයක් නැති බව සහ ඒ විස්තර ලබා ගැනීමට ඉල්ලුම්කරුට බලය පවරන ලද බවට නීත්‍යනුකූල හිමිකරු විසින් ලිඛිත ව බලය පවරන ලද සාමදාන විනිශ්චයකාරවරයකු විසින් සහතික කරන ලද ලිපියක්.

6.    ඉල්ලුම් කිරීමේ පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපිය භාර ගැනීම පෙරටු කාර්යාල නිලධාරි
සභාවට අය විය යුතු මුදලක් හිඟ ව තිබේ ද යන්න පරීක්ෂා කර යම් මුදල් ප්‍රමාණයක් වේ නම්, එය ද සමග නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීමේ ගාස්තු ගෙවන ලෙස ඉල්ලුම්කරු දැනුම්වත් කිරීමඉල්ලුම් පත්‍රය ලැබුණු අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
අදාළ ගෙවීම් අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීමඉල්ලුම් පත්‍රය ලැබුණු අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීමඉල්ලුම් පත්‍රය ලැබුණු අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි