වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම

1.     හැඳින්වීම

        බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව, සුඛ විහරණය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට අදාළ කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම පළාත් පාලන ආයතනවලට පැවරී ඇති ප්‍රධාන කර්තව්‍යය වේ. බල ප්‍රදේශය තුළ පවත්වා ගෙන යනු ලබන වෙළෙඳාම් හෝ ව්‍යාපාර අතරින් මහජන සෞඛ්‍යයට, සනීපාරක්ෂාවට, පහසුවට හා සුඛ විහරණයට යම් ආකාරයක අහිතකර බලපෑමක් ඇති විය හැකි වෙළෙඳාම් හෝ ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීමට අදාළ ව, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ, එකී යම් සභාවක් විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ ඒ වෙළෙඳාම හෝ ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානය සඳහා එකී සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් ලබා ගත යුතු ය. මේ කාර්යය නියාමනය කිරීම එකී සභාවේ වගකීම වේ.

        සටහන: සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා ද, සභාව විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථා වශයෙන් සැලකිය යුතු ය.

2.     නීතිමය අධිකාරය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 122 වන වගන්තිය යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථා හෝ ඒ යටතේ සාදන ලදැයි සලකනු ලබන හා සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා;

        (ආ)  ප්‍රාදේශීය සභා පනතේ 167 වන වගන්ති;

        (ඇ)  ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්ති;

        (ඈ)  වෙළෙඳ බලපත්‍රය අදාළ වන කර්මාන්තය, පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් වන විට 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ච වගන්තිය.

3.     සුදුසුකම්

        (අ)   යම් අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ, සභාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතු වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් විය යුතු ය.

        (ආ)  ජාතික පාරිසරික පනත යටතේ සාදන ලද නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කාර්යයක් වන අවස්ථාවක, වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබිය යුතු ය. (1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ච වගන්තිය)

4.     ගාස්තුව    

        (අ)   කර්මාන්තය පවත්වා ගෙන යන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත මෙම ගාස්තු ප්‍රමාණය විචලනය වේ.

        (ආ)  ඒ කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම –

               ඒ ස්ථානය නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට,

                                    ස්ථානයේ වාර්ෂික වටිනාකම                                          බද්දේ ප්‍රමාණය

                       රු. 750.00 නො ඉක්මවන විට බද්ද,                                             රු.     500.00

                       රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,      රු.     750.00

                       රු. 1,500.00 ඉක්මවන විට බද්ද,                                                 රු.  1,000.00

5.     ඉදිරිපත් කළ යුතු ලේඛන.

        (අ)   මෙහි ඇමුණුම් අංක 01 හි ආකෘතියට අනුව වන ඉල්ලුම් පත්‍රය;

        (ආ)  ජාතික පාරිසරික පනත යටතේ සාදන ලද නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කාර්යයක් වන අවස්ථාවක, වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රය.

6.     කාර්ය පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
ආදායම් ප්‍රභව සමීක්ෂණයට සමගාමීව වෙළෙඳ බලපත්‍ර ඉල්ලුම් පත් බෙදා දීමසෑම වර්ෂයක ම නොවැම්බර් මස 15 වන දිනට පෙරආදායම් පරීක්ෂක
සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍ර රැස් කර ගැනීමසෑම වර්ෂයක ම නොවැම්බර් මස 20 දිනට පෙරආදායම් පරීක්ෂක
ඉල්ලුම් පත්‍රයේ තොරතුරු, පසුගිය වර්ෂයේ ආදායම් ප්‍රභව සමීක්ෂණ තොරතුරු සමග සැසඳීමසෑම වර්ෂයක ම නොවැම්බර් මස 20 වන දිනට පෙරආදායම් පරීක්ෂක
සභාවේ තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය ප්‍රමාණවත් ඉල්ලුම් පත්‍ර සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිර්දේශ අවශ්‍ය කරන ඉල්ලුම් පත්‍ර වෙන් කර විෂය භාර නිලධාරි වෙත භාර දීමසෑම වර්ෂයක ම නොවැම්බර් මස 30 වන දිනට පෙරආදායම් පරීක්ෂක
සභාවේ තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය ප්‍රමාණවත් ඉල්ලුම් පත්‍ර තාක්ෂණ නිලධාරිට ද සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිර්දේශ අවශ්‍ය කරන ඉල්ලුම් පත්‍ර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට ද ලේකම් මගින් භාර දීමආදායම් පරීක්ෂක විසින් ඉල්ලුම් පත්‍ර භාර දුන් දිනයේ මවිෂය භාර නිලධාරි
ඉල්ලුම් පත්‍රයට අදාළ පරිශ්‍රයට ගොස් ස්ථානීය පරීක්ෂාව කර නිරීක්ෂණ හා නිර්දේශ සහිත ඉල්ලුම් පත්‍ර විෂය භාර නිලධාරිට භාර දීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරමහජන සෞඛ්‍ය පරීක්ෂක / තාක්ෂණ නිලධාරි
නිර්දේශිත ඉල්ලුම් පත්‍ර සභාපති වෙත යොමු කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරවිෂය භාර නිලධාරි
නිර්දේශය අනුමත කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙර සභාපති
බලපත්‍රය (ඇමුණුම 02) සකස් කර අත්සනට ඉදිරිපත් කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරවිෂය භාර නිලධාරි
බලපත්‍රය අත්සන් කර විෂය භාර නිලධාරි වෙත යොමු කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරසභාපති
අත්සන් කළ බලපත්‍රය පෙරටු කාර්යාලයට යොමු කර බලපත්‍ර ගාස්තු ගෙවා බලපත්‍රය ලබා ගන්නා ලෙස ඉල්ලුම්කරුට දැන්වීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරවිෂය භාර නිලධාරි
ගාස්තුව ගෙවා බලපත්‍රය ලබා ගැනීම (ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පහසුකම් ඇති විට, ඒ මගින් හෝ නැති විට පෙරටු කාර්යාලයට පැමිණ)සෑම වර්ෂයක ම ජනවාරි මස 01 දිනට පෙරඉල්ලුම්කරු
ගාස්තුව අය කර ගෙන ලදුපත හා බලපත්‍රය (ඇමුණුම 02) ඉල්ලුම්කරුට භාර දීමසෑම වර්ෂයක ම ජනවාරි මස 01 දිනට පෙරපෙරටු කාර්යාල නිලධාරි
ආදායම ගිණුම් ගත කිරීම හා බලපත්‍ර ගාස්තු ලේඛනය යාවත්කාලීන කිරීමබලපත්‍රය නිකුත් කළ වහාමපෙරටු කාර්යාල නිලධාරි

        සටහන: ඉහත පරිදි නිකුත් කරනු ලබන බලපත්‍රය අදාළ ක්‍රියාකාරකම, පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු යම් ක්‍රියාකාරකමක් ද වන විට, ඊට අදාළ ව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්නා තෙක්, පළාත් පාලන ආයතනය විසින් ඒ කාර්යය කරනු ලබන ස්ථානය සඳහා වෙළෙඳ බලපත්‍රය නිකුත් කිරීම නො කළ යුතු ය. [1988 අංක 57 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ච වගන්තිය]

7.     බලපත්‍රය නිකුත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක / තාක්ෂණ නිලධාරි නිර්දේශ නො කළ අවස්ථාව –

පටිපාටියකාල සීමාවඅධිකාරය
බලපත්‍රය නිකුත් කිරීමට නොහැකි හේතු දක්වමින් නිර්දේශ කළ නොහැකි බව සඳහන් කරමින් ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරි වෙත යොමු කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරමහජන සෞඛ්‍ය පරීක්ෂක / තාක්ෂණ නිලධාරි
අඩුපාඩු නිවැරදි කරන ලෙස ඉල්ලුම්කරු දැනුම්වත් කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරවිෂය භාර නිලධාරි
අඩුපාඩු නිවැරදි කළ බව වාර්තා කිරීමසෑම වර්ෂයක ම දෙසැම්බර් 15 දිනට පෙරඉල්ලුම්කරු