මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම

1.     හැඳින්වීම

        බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු විසින් පානීය ජල සම්බන්ධතාවක්, විදුලි බල සම්බන්ධතාවක්, දුරකථන නැතහොත් වෙනත් යම් ආකාරයක විදුලි සංදේශ සම්බන්ධතාවක් හෝ වෙනත් සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී හෝ ඒ සම්බන්ධතා සේවා හෝ වෙනත් සේවා සම්බන්ධතා සේවා සපයනු ලබන කිසියම් සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් ඒ යම් සම්බන්ධතාවක් ලබා දීමේ දී නැතහොත් ඇති කිරීමක දී, අදාළ සම්බන්ධතාව ලබා ගැනීම හෝ සැපයීම පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළුදු කරමින් භූගත ව සිදු කළ යුතු වන අවස්ථාවක දී, අදාළ මාර්ගයට කරනු ලබන පළුදු කිරීම යථා තත්ත්වයට පත් කිරීමට වැය වන මුදල පියවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවස්ථාවෝචිත පරිදි සේවා සම්පාදකයා හෝ සේවා ලාභියා විසින් මේ මුදල සභාවට ගෙවිය යුතු ය.

2.     නීතිමය අධිකාරය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 19 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (xxxii) වන ඡේදය.

3.     සුදුසුකම්

        (අ)   සේවා සම්පාදනයක් සැලසීමේ දී හෝ සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළුදු කිරීමට සිදු වන අවස්ථාවක දී, සේවා සැපයුම්කරු හෝ සේවාලාභියා මේ ඉල්ලීම කිරීමට සුදුසුකම් ලබනු ඇත.

        (ආ)  පළාත් පාලන ආයතනය සතු මාර්ග සම්බන්ධයෙන් පමණක් මෙම පහසුකම අදාළ වේ.

4.     ගාස්තුව

        මාර්ග නිර්මාණය කළ ඉදිකිරීම් ද්‍රව්‍ය අනුව සභාව විසින් කලින් කල තීරණය කර නියම කරනු ලබන ගාස්තුවක් සහ ආරක්ෂිත ඇප තැන්පතුවක් ගෙවිය යුතු ය.

        සටහන:  මාර්ගය පළුදු කිරීමෙන් පසුව එය යථා තත්ත්වයට පත් කිරීමේ දී, එක් ඝන අඩියකට වැය වන මුදල කොපමණ ද යන්න, [මාර්ගයේ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගය (තාර, කොන්ක්‍රීට්, අන්තර් සම්බන්ධිත ගල්, ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් – කාපට් – හෝ වෙනත්] තාක්ෂණ නිලධාරි විසින් කරනු ලබන නිර්දේශයක් අනුව මේ සභා තීරණය ගනු ලැබිය යුතු ය.

5.     ඉදිරිපත් කළ යුතු ලේඛන

        මෙහි ඇමුණුමට අනුකූලව පිළියෙළ කර ගත් ඉල්ලුම් පත්‍රය සහ එහි දැක්වෙන ඇමුණුම්.

        සටහන:  මෙම ඉල්ලුම් පත්‍රය සභාවේ වෙබ් අඩවියෙන් බාගත කිරීමෙන් හෝ පෙරටු කාර්යාලයට පැමිණ ලබා ගත හැකි ය.

6.     පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව සභාවේ වෙබ් අඩවිය මගින් හෝ පෙරටු කාර්යාල නිලධාරි වෙත පැමිණ ඉදිරිපත් කිරීම ඉල්ලුම්කරු
ඉල්ලීම සභාව සතු මාර්ගයක් වන විට සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ හෝ අතින් භාර ගැනීම සහ පසු විපරම් අංකයක් ඉල්ලුම්කරුට නිකුත් කිරීම පෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරි මගින් තාක්ෂණ නිලධාරි වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් වහාමපෙරටු කාර්යාල නිලධාරි
ස්ථානීය පරීක්ෂාව සිදු කර නිරීක්ෂණ හා නිර්දේශ සමග ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරි මගින් ඉංජිනේරු / ලේකම් වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දින සිට දින 2 ක් ඇතුළතතාක්ෂණ නිලධාරි
තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය අනුව ඉල්ලීම අනුමත කිරීම / ප්‍රතික්ෂේප කිරීමනිර්දේශය ලැබුණු දින සිට දිනඉංජිනේරු / ලේකම්
ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය දක්වමින් ඉල්ලීමට අවසර දීමේ ලිපිය ඉංජිනේරු / ලේකම්ගේ අත්සන ඇතිව පෙරටු කාර්යාලයට යොමු කිරීම සහ ඉල්ලීමට අවසර දීමේ ලිපිය නිකුත් කිරීම සඳහා අදාළ ගාස්තු ගෙවන ලෙස ඉල්ලුම්කරුට දැන්වීමනිර්දේශය ලැබුණු දින මවිෂය භාර නිලධාරි
මාර්ග පළුදු කිරීම යථා තත්ත්වයට පත් කිරීමේ ගාස්තු අය කර ගෙන ලදුපත සහ අවසර දීමේ ලිපිය ඉල්ලුම්කරුට භාර දීමඉල්ලුම්කරු පැමිණි පසුපෙරටු කාර්යාල නිලධාරි
කාර්ය අවසන් කළ බව සභාවට වාර්තා කිරීමකාර්ය අවසන් කළ වහාමඉල්ලුම්කරු
ඉල්ලුම්කරු කාර්ය අවසන් කිරීමෙන් පසු මාර්ගය යථා තත්ත්වයට පත් කරවීම හා වියදම් ප්‍රමාණය වාර්තා කිරීමඉල්ලුම්කරු කාර්ය අවසන් කළ බව දැන්වූ දින සිට දින හතක් ඇතුළතතාක්ෂණ නිලධාරි
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දරන ලද වියදම අදාළ වැය ශීර්ෂයට හර කර යම් ඉතිරියක් වේ නම් ඉල්ලුම්කරුට ගෙවීමවියදම් වාර්තාව ලැබුණු දින මවිෂය භාර නිලධාරි

අයදුම්පත්‍රයමෙතැනින් බාගත කරගන්න.