ඇතැම් ඉඩම් විකිණීම මත බදු අය කර ගැනීම

1.     හැඳින්වීම

        බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, කිසියම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ඉඩමක් වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු මගින් හෝ එවැනි තැනැත්තකුගේ අනුයෝජිතයකු මගින් විකිණීම කරනු ලබන අවස්ථාවක, ඒ ඉඩම විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලෙන් සියයට එක(1%)කට සමාන මුදලක්, ඒ වෙන්දේසිකරු හෝ බ්‍රෝකර්වරයා විසින් අදාළ පළාත් පාලන ආයතනයට බද්දක් වශයෙන් අය කර ගැනීමට නීතිමය බලය පවරා දී ඇත. මෙම බද්ද ඒ යටතේ අය කර ගනු ලැබේ.

2.     නීතිමය අධිකාරය

        (අ)  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 154 වන වගන්තිය.

3.     සුදුසුකම්

        කිසියම් වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු හෝ එවැනි තැනැත්තකුගේ නියෝජිතයකු හෝ විසින් යම් පළාත් පාලන ආයතනයක බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ඉඩමක් විකිණීම කරන අවස්ථාවේ දී, ඒ තැනැත්තා මේ බද්ද ගෙවීමට යටත් වනු ඇත.

        සටහන: i.   කිසියම් වාණිජ බැංකුවක් විසින් හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයක් විසින් යම් ඉඩමක් හෝ නිවසක් සහිත ඉඩමක් උකසට ගෙන ණය මුදලක් ගෙවා තිබිය දී අදාළ ණයකරු විසින් එකී ණය මුදල ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක ඒ ණය මුදල අය කර ගැනීමේ කාර්යය සඳහා අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට පැවරී ඇති ඇටෝර්නි බලය අනුව ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ ඉඩම, වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු හෝ එවැනි තැනැත්තකුගේ නියෝජිතයකු මගින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම කරනු ලැබීමේ දී, ඒ තැනැත්තා විසින් විකිණීමට තීන්දු කරනු ලැබූ මුදලෙන් සියයට එකකට සමාන ප්‍රමාණය වශයෙන් මේ බද්ද ඒ වෙන්දේසිකරුගෙන් නැතහොත් බ්‍රෝකර්වරයාගෙන් හෝ එවැනි තැනැත්තාගේ අනුයෝජිතයාගෙන් අය කර ගත යුතු ය.

                    ii.  ඉහත සඳහන් යම් වෙන්දේසියක දී ඉඩම මිල දී ගැනීමට ගැනුම්කරුවකු ඉදිරිපත් නොවන විටක, බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ ඉඩම මිල දී ගැනීමට ක්‍රියා කරන අවස්ථා පවතී. එවැනි අවස්ථාවක වුව ද මේ බද්ද ගෙවීමට වෙන්දේසිකරු හෝ බ්‍රෝකර් හෝ අනුයෝජිතයා යටත් වේ.

                    iii. යම් අධිකරණයක් විසින් කරනු ලබන විධානයක් මත අධිකරණයේ පිස්කල් විසින් යම් දේපළක් වෙන්දේසි කිරීම සිදු කරන අවස්ථාවක දී ද, මේ බද්ද අය කර ගත යුතු අතර අදාළ පිස්කල් වෙන්දේසිකරු වශයෙන් සැලකිය යුතු ය.

 4.    ගාස්තුව    

        අදාළ ඉඩම විකිණීමෙන් ලබා ගත් සම්පූර්ණ මුදලෙන් සියයට එකකට (1%) සමාන මුදල බද්ද වශයෙන් ගෙවිය යුතු ය.

        සටහන: ඇතැම් වෙන්දේසිකරුවන් හෝ බ්‍රෝකර්වරුන් හෝ ඔවුන්ගේ අනුයෝජිතයන් විසින් ඉඩම විකුණනු ලැබූ මුදලේ වටිනාකම අඩුවෙන් පෙන්වා දෙමින් ඔප්පු පිළියෙළ කරනු ලබන අවස්ථා තිබිය හැකි ය. එවැනි තත්ත්වයක් පිළිබඳ යම් සැකයක් ඇති වන අවස්ථාවක, ඒ ඉඩමේ සත්‍ය වෙළෙඳපොළ වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්වරයාගේ කාර්යය විය යුතු ය.

5.     පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ඉඩමක් හෝ ඉඩම් වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු හෝ අනුයෝජිතයකු මගින් විකිණීම කරන අවස්ථා නිරීක්ෂණය කර හඳුනා ගැනීමනිරන්තර විමර්ශනය හා නිරීක්ෂණය මගින් (වෙළෙඳ දැන්වීම්, ප්‍රචාරක දැන්වීම්, ඉඩම් අනු බෙදුම් අනුමතය ඉල්ලීම් සහ වෙන්දේසිකරුවන්ගේ අන්තර්ජාල වෙබ් අඩවි, සමාජ ජාල මාධ්‍ය පරීක්ෂාව)ආදායම් පරීක්ෂක / සභාවේ සෙසු කාර්ය මණ්ඩලය
එවැනි විකිණීමක් පිළිබඳ ව නාගරික කොමසාරිස්ට / ලේකම්ට වාර්තා කිරීම.අනාවරණය කර ගත් අවස්ථාවේ දී මආදායම් පරීක්ෂක ඇතුළුව, ආදායම් විෂය හා සම්බන්ධ සියලු ම නිලධාරීන්
විකිණීම ප්‍රසිද්ධ වෙන්දේසියක් මගින් කරන්නේ නම්, ඒ ස්ථානයට ගොස් විකිණීම අවසන් වූ වහාම අදාළ බද්ද ගෙවන ලෙසට නියම කරන බදු නිවේදනය (ඇමුණුම) වෙන්දේසිකරුට භාර දීමවෙන්දේසිය පවත්වනු ලබන දිනයේආදායම් පරීක්ෂක
ප්‍රසිද්ධ වෙන්දේසියේ නොවන වෙනත් ආකාරයකින් ඉඩම විකුණා ඇති විට, ඒ ඉඩම විකුණනු ලැබූ මුදලට සරිලන බද්ද ගෙවන ලෙස නියම කරන බදු නිවේදනය (ඇමුණුම) විද්‍යුත් පණිවුඩ මගින් හෝ ආදායම් පරීක්ෂක මගින් බද්දට යටත් තැනැත්තාට භාර දීමට සැලැස්වීමප්‍රසිද්ධ වෙන්දේසියකින් කරනු ලබන විකිණීමක දී නම්, එදින ම හෝ වෙනත් ආකාරයක විකිණීමක් වන විට, විකිණීම කරනු ලැබූ දිනයේ ම හෝ ඊට පසු දිනනාගරික කොමසාරිස් / ලේකම්
අදාළ බද්ද අය කර ගෙන ලදුපතක් නිකුත් කර ඇතැම් ඉඩම් විකිණීම මත බදු ලේඛනය හා ගිණුම යාවත්කාලීන කිරීමබද්ද අය කර ගත් වහාමප්‍රසිද්ධ වෙන්දේසියක් වන විට, ආදායම් පරීක්ෂක විසින් ද, වෙනත් අවස්ථාවක පෙරටු කාර්යාල නිලධාරියා විසින් ද කළ යුතු ය

6.     බදු මුදල ගෙවීම පැහැර හැර ඇති විට පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
බදු මුදල ගෙවීම පැහැර හැර ඇති තැනැත්තාට ඒ පිළිබඳ ව සිහි කැඳවීම් යොමු කරවීමබදු නිවේදනය භාර දුන් දිනෙන් දින හතක් පසු වූ වහාම හෝ විකිණීම කළ බව වාර්තා වූ වහාමනාගරික කොමසාරිස් / ලේකම්
සිහි කැඳවීමට අනුගත නො වන්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීමදැනුම් දුන් දිනයේ හෝ සිහි කැඳවීමේ දිනයේ සිට දින හතක් පසු වූ වහාමනාගරික කොමසාරිස් / ලේකම් ගේ බලය පැවරීම අනුව ආදායම් පරීක්ෂක
අය විය යුතු බද්ද, දඩයක් වශයෙන් අය කිරීමට නියෝග නිකුත් කිරීමනඩු දිනයේ දීමහේස්ත්‍රාත්
අය කර ගත් මුදල සඳහා ලදුපතක් නිකුත් කිරීම හා ආදායම පිළිබඳ තොරතුරු ආදායම් විෂය භාර නිලධාරිට වාර්තා කිරීමඅදාළ මුදල අය කර ගත් වහාමආදායම් පරීක්ෂක
අය කර ගත් බදු මුදල පිළිබඳ ලේඛන යාවත්කාලීන කිරීමආදායම් පරීක්ෂකගේ වාර්තාව ලැබුණු වහාමවිෂය භාර නිලධාරි